මංගල ඩෙනෙක්ස් \'හිරු STAR\' කිරුළ පළඳියි (ඡායාරූප)

Monday, 04 March 2019 - 9:55

%E0%B6%B8%E0%B6%82%E0%B6%9C%E0%B6%BD+%E0%B6%A9%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%5C%27%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+STAR%5C%27+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85+%E0%B6%B4%E0%B7%85%E0%B6%B3%E0%B7%92%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
සංගීතයේ සිහසුන තනන \'හිරු STAR\' අවසන් මහා තරඟයේ ශූරතාවයට හිමිකම් කියන්නට බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස් අද (03) සමත් වුණා.

\"හිරු STAR\" අවසන් මහා තරඟය (Grand Finale) අද (03) නෙළුම් පොකුණ රඟහලේදී අති සාර්ථකව අවසන් වුණා.

අද පැවති හිරු STAR අවසන් මහා තරඟයේදී හිරු STAR කිරුළ වෙනුවෙන් කරට කර තරඟ වැදුණු තරඟකරුවන් සිව් දෙනා අතරින් වැඩිම ජනතා මනාපයක් හිමි කරගනිමින් හිරු STAR කිරුළ හිමි කරගන්නට බටපොළ - මංගල ඩෙනෙක්ස් සමත් වුණා.

ඔහුට හිරු STAR කුසලානය සමග මිලියන 6කට අධික වටිනාකමකින් යුතු නවීන පන්නයේ AUDI මෝටර් රථයක් සහ මුදලින් මිලියනයක්, ලක්ෂ 100ක් වටිනා රූප රචනා 12ක් අඩංගු ගීත තැටියක් හිමිවුනා.

අවසන් මහා තරඟයේ තරඟ වදින්නට වරම් හිමි කර ගත්තේ බටපොල ප්‍රදේශයේ පදිංචි මංගල ඩෙනෙක්ස්, වෙන්නප්පුවේ ශම්මි ප්‍රනාන්දු, දිවුලපිටියේ අමිල කාවින්ද සහ මීගමුවේ සුජාන් ප්‍රනාන්දුයි.



\"\"
\"\"
\"\"
\"\"
\"\"
\"\"
\"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\" \"\"