හිරු ටී.වී. තවත් සුන්දර ටෙලි නාට්‍යයක් - සුරංගනා හීනවලින් පිරුන පුංචි හිත්වලට ආදරේ ගෙන එන \"අකුරු මැකී නෑ\" (වීඩියෝ)

Thursday, 02 July 2020 - 7:51

%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%A7%E0%B7%93.%E0%B7%80%E0%B7%93.+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%A7%E0%B7%99%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B7%8F+%E0%B7%84%E0%B7%93%E0%B6%B1%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%82%E0%B6%A0%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%9A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%91%E0%B6%B1+%5C%22%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B7%93+%E0%B6%B1%E0%B7%91%5C%22++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29


හිරු TV නිෂ්පාදනය කරන පුංචි හිත්වල හීන ගැන කියාදෙන \"අකුරු මැකී නෑ\" නවතම ටෙලි නාට්‍යය ජුලි මස 03 වන දා සිට සතියේ සෑම දිනකම රාත්‍රී 8.00 ට ඔබේ ආලින්දයට පැමිණෙනවා.
 
හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව නිර්මාණය වූ, දරුවන් ගැන කියවෙන මෙම සුන්දර ටෙලි නාට්‍යය ලොකු කුඩා කාටත් එකට එක්ව නැරඹිය හැකි මනස්කාන්ත පසුතල සහිත නිර්මාණයක් ලෙසද හැඳින්විය හැකියි.

මෙම ටෙලි නාට්‍යය කුඩා දරුවන් ඇතුළු පවුලේ හැමදෙනාම මහත් ආදරයෙන් වැළඳගනු ඇති බව නොකියා බැහැ.
 
සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් ,ගයාන් වික්‍රමතිලක, චතුරිකා පීරිස්, සමන් හේමරත්න ඇතුලු ප්‍රවීණ කලාකරුවන් රැසක් රංගනයෙන් දායක වන \"අකුරු මැකී නෑ\" ටෙලි නාට්‍යයේ ආධුනික ළමා රංගන ශිල්පීන් රැසක් ද රංගනයෙන් දායක වනවා.
 
හිරු මාධ්‍ය ජාලය නිෂ්පාදනය කරන \"අකුරු මැකී නෑ\" ටෙලි නිර්මාණයේ අධ්‍යක්ෂ කසුන් තරින්ද මෙන්ම ඊට දායකත්වය දැක්වූ ප්‍රවීණ ශිල්පින් අතරින්, රංගන ශිල්පි සමන් හේමරත්න, එම දර්ශන තලයේදී අපට මුණ ගැසුනා.
 
ඔවුන් \"අකුරු මැකී නෑ\" පිළිබඳ හිරු ගොසිප් අපත් සමඟ මෙසේ දොඩමළු වුනා.