Godzilla Vs. Kong ආදායම් වාර්තා අලුත් කරයි

Monday, 19 April 2021 - 10:29

Godzilla+Vs.+Kong+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
මෑතකදී ලොව පුරා ප්‍රදර්ශනය ආරම්භ කළ Godzilla Vs. Kong චිත්‍රපටයට වාර්තා පොත් අලුත් කරන්නට හැකියාව ලැබී තිබෙනවා.

ඒ කොවිඩ් වසංගතය පවතින මෙම කාල වකවානුව තුල බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දමමින් වැඩිම ආදායමක් ඉපැයූ චිත්‍රපටය බවට පත්වෙමින්.

ඒ අනුව Godzilla Vs. Kong චිත්‍රපටයට ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති තුන ඇතුළත උපයා ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 390ක්.

ප්‍රදර්ශනය ආරම්භ කර පළමු සති තුන ඇතුළත අමෙරිකානු ඩොලර් මිලියන 365ක් උපයමින් Tenet චිත්‍රපටය මීට පෙර, කොවිඩ් වසංගතය තත්ත්වය පවතින කාල වකවානුවේ වැඩිම ආදායමක් උපයා තිබුණා.

ඇඩම් වින්ගාර්ඩ් අධ්‍යක්ෂණය කළ Godzilla Vs. Kong චිත්‍රපටය පසුගිය මාර්තු මස 24 වනදා ලොවපුරා ප්‍රදර්ශනය ආරම්භ කළා.

මෙම චිත්‍රපටය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 155ත් 200ත් අතර පිරිවැයක් දරා තිබෙනවා.