සුපිරි තරුව රැජිනිකාන්ත්ගේ දියණිය, ධනුශ්ගෙන් වෙන් වුණේ ඇයි ?

Tuesday, 18 January 2022 - 20:20

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%BB%E0%B7%90%E0%B6%A2%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%2C+%E0%B6%B0%E0%B6%B1%E0%B7%94%E0%B7%81%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%94%E0%B6%AB%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B7%92+%3F
කොලිවුඩයේ ජනප්‍රිය නළු ධනුෂ් ගැන මේ වන විට මුලු ලෝකයම කතා කරන්නේ, ඔහු හදිසියේ දික්කසාද වීමට තීරණය කළ නිසායි. සුපිරි නළු රජිනිකාන්ත්ගේ දියණිය හා විවාහ වී සිටි ධනුෂ් සිය දික්කසාද වීම තහවුරු කරමින් ට්විටර් පණිවුඩයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමට එක් කර තිබුණා.

ධනුශ් සහ අයිශ් විවාහ වෙන්නෙ 2004 වර්ෂයේදී වන අතර, ඔවුන්ට පුතුන් දෙදෙනෙකු ද සිටිනවා.

කෙසේ වෙතත්, මේ දෙදෙනාගේ හදිසි වෙන්වීමට හේතු සොයන බොහෝ දෙනෙකුට ඒ සඳහා මේ වන විට පිළිතුරු ලැබී තිබෙනවා.

ධනුශ් කොලිවුඩයේ සිට බොලිවුඩයට පිවිසීම අයිශ්ගේ හිත් රිදීමට හේතු වී ඇති අතර, ධනුශ් “තනිවම තීන්දු තීරණ ගැනීම” ගැන ඇය නොමනාපයෙන් සිටි බව ද සඳහන්.

ධනුෂ්ගේ පෙම් සබඳතා කිහිපයක් ගැනම තොරතුරු ඉන්දීය මාධ්‍ය වරින් වර හෙළි කළ අතර ත්‍රීෂා සමඟ ඔහුගේ පැවති රහස් සම්බන්ධය ඉන්දියාවම දන්නා රහසක්.

ධනුෂ් විවාහ වී සිටි සමයේම ඔහුගේත් ත්‍රීෂාගෙත් රහසිගත ඡායාරූප පවා අන්තර්ජාලයට නිකුත් වුණා.

නවතම ආරංචි මාර්ග සඳහන් කරන්නේ, දික්කසාදය සඳහා හේතු වී ඇත්තේ කේරළයේ ප්‍රමුඛ පෙළේ නිළියක් බවයි.

ධනුෂ් ඇය සමඟ සමීපව කටයුතු කරන බවට කටකතා පැතිර ගිය අතර, මෙම නිළිය අයිශ්වර්යා හමුවට ඇවිත් “ධනුෂ් මට හිරිහැර කරනවා..” යනුවෙන් පැමිණිලි කර ඇති බව සඳහන්.

මේ හේතුව නිසාම මොවුන් දෙදෙනා අතර ගැටුම් ඇති වී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මුලින් දික්කසාද වීම ප්‍රසිද්ධියට පත් නොකළද අනතුරුව ඊයේ රාත්‍රීයේ හදිසියේම ධනුශ්, මෙය ලෝකයට අනාවරණය කිරීමට තීරණය කර තිබෙනවා.