\"ආදරේ අපිව නිවැරදි දිශාවට යොමු කරයි...\"

Friday, 28 January 2022 - 17:54

%5C%22%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%92%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%B8%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92...%5C%22
ශෘතී හසන් පහුගිය දවස්වල වැඩිපුරම කතා බහට ලක් වුණේ ධනුෂ් අයිශ්ගෙන් වෙන් වීමත් එක්ක ශෘතීට ධනුෂ් එක්ක තිබුණු පටලැවිල්ල එළියට ආපු නිසා.

ශෘතී හසන් කියන්නේ ඉන්දීය සිනමාවේ ජනප්‍රියම නිළියක්. ඇයගේ විශේෂත්වය තමයි ඇය භාෂා කිහිපයකින්ම තමන්ගෙ රංගන හැකියාව සිනමාවට භාවිතා කරන එක. එය ඇයට ඇයගෙම කියලා නමක් හදාගන්න බොහොම උපකාර වෙලා තියෙනවා. ඉතින් ශ්‍රුති හසන්ගේ 36 වැනි උපන්දිනය අද, ජනවාරි 28 වන අතර, ඇගේ සමාජ ජාලා ගිණුම් උපන්දින සුබ පැතුම්වලින් සහ රසික ආදරයෙන් පිරී ගියා.

ඇය එම සියලු ආදරයන්ට ස්තූතිවන්ත වෙමින් අපූරු සටහනක් ඡායාරූපයකුත් සමග එකතු කරලා තිබුණා.

\"මම ඔයාලට කොච්චර කෘතඥ වෙන්න ඕනද කියලා මට හිතාගන්නත් බැහැ. මම එක දෙයක් හොඳටම දන්නවා. මට දැනුම මදි. ඉගෙනීමට, දැකීමට, ආදරය කිරීමට වගේම තව සිද්ධ වෙන්නත් හුඟක් දේවල් මට ඉතුරු වෙලා තියෙනවා. මට පුද්ගලිකව හෝ අන්තර්ජාලයෙන් මුණගැසුණු සෑම කෙනෙකුගෙන්ම මා ඉගෙන ගත් සෑම දෙයකටම මම ස්තූතිවන්ත වෙනවා. ආදරය සැමවිටම අපව නිවැරදි දිශාවට යොමු කරනු ඇත.... එසේම, ඔබට බොහෝම ස්තූතියි.\"