ප්‍රවීණ ප්‍රසිද්ධ නළුවෙක් රට හැර යයි

Sunday, 30 January 2022 - 16:40

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B1%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
එදා ටෙලි තිරයෙන් කවුරුත් දැන අඳුනගත්ත ඒ අසහාය රංගන ශිල්පියාව ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්නට අවශ්‍ය නැහැ. පුංචි තිරයේ ඔහු මැවූ ඇතැම් චරිත අදටත් ප්‍රේක්ෂකයින්ට මතකයි.

ඉතින් ආදරණීය රංගන ශිල්පියා රට හැර යන පුවතක් අපට ආරංචි වුණා. ඔස්ට්‍රේලියාවේ සිටින සිය දරුවන් හා කල් ගෙවීමට ඔහු නික්ම යන බව තමයි ආරංචි...

රංගන ශිල්පියෙකු වන බුද්ධික ජයරත්න මේ ගැන කියමින් ඔහුගේ මුහුණු පොතට සංවේදී සටහනක් ද එක් කොට තිබුණා.

ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකකි.....
බුද්ධදාස විතානාරච්චි... ආදරණීය බුද්ධි අයියා.. දින කීපයකට කලින් ජයන්තගේ අලුත්ම නාට්‍යයේ .... තමන්ගේ රගපෑම් සියල්ල හමාරකොට ජයන්ත වෙත පැමිණ \" ඔන්න මම ඔයාගෙන් පටන් අරන් ඔයාගෙන්ම ඉවරකලා\" ස්තුතියි..! මට ලබාදුන් ඒ සතුටට... මම තව දවස් කීපයකින් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යනවා... දරුවෝ ලගට... කෙතරම් ද්‍යෛවෝපොගතද ඒක...
ජයන්ත එය කලින් දැන සිටියද මේ මොහොත හිතුවට වඩා ජයන්තව හැගීම්බර කල බව පැහැදිලිය.. ජයන්ත ආරෝපිත සැහැල්ලුවක් පෙන්නුම් කලද ඒ සැහැල්ලුව තුල හැගවී තිබුණු ගැබුර පාලනය කිරීමට දෙදෙනාගේ වැලද ගැනීමට නොහැකි විය.. ...
ආදණීය බුද්ධි අයියේ......... ඔබ කොපමණ දක්ශ රංගණ ශිල්පියෙක්ද යන්නේ තීරණය ප්‍රේක්ශයා භාරයේම තබා ඔබ අතිශය සුන්දර මනුස්සයෙක් බව මා වගකීමෙන් කියමි...
සුන්දරයාණෙනි... ඔබව නතරකරගැනීමට තරම් අපි ශක්තිමත් නැත..
අපටද ඇත්තේ වර්ථමානය ගැන කළකිරීමකි..
අපේ අනාගතය ගැන විශාල භියකි...
ඔයා....
සතුටින් ඉන්න .. දරු මුණුපුරන් සමග...
ඔබට තෙරුවන්සරනයි !!

මෙම ප්‍රවීණ නලුවා රට හැර යාම ගැන සංවේදී වූ තවත් අයෙක් මෙවැනි සටහනක්ද තබා තිබුණා.

බුද්ධි අයියා ලංකා භූමියෙන් සදහටම නික්ම යාමේ ශෝකී ආරංචිය නෙත ගැටුනේ බුද්ධික ජයරත්න සහෝදරයා ගේ සටහනකින්. ඒක්ෂණයෙන් ඇතිවුණේ විශාල රික්තකයක් වැනි හැඟීමක්. මොහොතකට කලින් ඔහු සමග කල විනාඩි 15 ක පමණ සංවාදයෙන් පසුව වුව ඒ රික්තකය නොපිරි නිසා එය අකුරු වලට පෙරලන්න හිතුවා.
බුද්ධි අයියා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මනුස්සයෙක්. ටෙලි හා චිත්‍රපට නිරූපණ ශිල්පියෙක් ලෙස අපේ මනසේ නොමැකෙන අයුරින් තැන්පත්වූ ඔහු අපට කලින් පරම්පරාවේ රූපවාහිනී පූරකයෙක්. පසු පරම්පරාවට අයිති අප කරන කියන දේ දෙස දුරසිට බලාසිටින බුද්ධි අයියා හමුවූ විටෙක අපේ කටයුතු අගයන්නටත් අඩුපාඩු සෞම්‍ය ලෙස පෙන්වා දෙන්නටත් ඉදිරිපත් වන්නේ යහපත් චේතනාවෙන්.
සවිංඥානික සමාජ දේශපාලන ක්‍රියාකාරිකයෙක් වූ ඔහු තමන්ගේ කලාභාවිතාව තුල එය හැකිපමණ නිරූපනය කලා යන්න අපගේ හැඟීම. නිදහසට පෙර ජන්ම ලාභය ලත් ඔහු මේ රට දශක හතක් පුරා විනාශයට ඇදගෙන ගිය අයුරු ඇසින් දුටු සාක්ෂිකරුවෙක්. ඒ විනාශගාමිත්වයෙන් රට ගොඩ එනවා දකින්න හීන දැක්ක කෙනෙක් පමණක් නොව ඒ වෙනුවෙන් ක්‍රියාකාරීව සිපිරි ගෙවල් හරහා සිය ජීවන යාත්‍රාව පැදවූවෙක්.
බුද්ධි අයියා හෙට ලංකා භූමියෙන් මුල් උදුරාගෙන ඕස්ට්‍රේලියාව වෙත සංක්‍රමණය වන්නේ ස්ථිර පදිංචිකරුවෙකු ලෙස. ඔහුගේ පුතා, අපේ මිතුරා සිද්ධාර්ථ ඔහුව පිලිගන්න එහි බලාගෙන ඉන්නවා.
සුබ ගමන් කියා වචනාර්ථයෙන් පැතුවත් බුද්ධි අයියේ, අප සිරකොට ඇති සමාජ දේශපාලන අවකාශයේ ඔබෙන් හිස්වන තැන අපේ හදවතේ මේ මොහොතේ ඇතිවන රික්තකයට සමානයි. ඒක අපේ ඉදිරි කෙටි දිවිය තුල නොපිරේවි. එසේ වුවද මේ ගෝත්‍රික සිරකුටියෙන් ජීවිතයේ අවසානභාගයේ හෝ මිදෙන්න ලැබීම ඔබේ වාසනාවක්. නමුත් ප්‍රියයන්ගෙන් වෙන්වීම හා එහි වේදනාව කියන්නේ මේකට තමයි.
දරු මුණුපුරන් සමග ඉදිරිය සතුටින් ගෙවන්න. ඔබ අපේ සංස්කෘතික ජීවිතයට තිළිණ කල සියලු කලා නිර්මාණයන්ට ස්තූතියි