පුෂ්පිකාගේ ඔටුන්න ගැලවෙයි

Wednesday, 09 February 2022 - 16:37

%E0%B6%B4%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%94%E0%B6%A7%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%90%E0%B6%BD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වා දරණ ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ සංවිධාන කමිටුවේ අධ්‍යක්ෂවරයා වන චන්දිමාල් ජයසිංහ, ඊයේ (08) දිනයේ කටයුතු කර තිබුණා.

මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලෝක විවාහක රූ රැජිණ වෙනුවෙන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තේරීමේ තරගාවලිය පැවැත්වීමට බලය ඇති සිය සංවිධානය වෙත පැවරී ඇති නීත්‍යනුකූල බලතල අනුව මේ වාරණය කරන බවයි.

මේ අතර ලෝක විවාහක රූ රැජිණ තරග සංවිධානයේ හිටපු විධායක නිලධාරිනියක වන ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford) ද මේ සිද්ධිය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුම හරහා අලුත් සටහනක් තබමින් කියා සිටින්නේ පුෂ්පිකා ද සිල්වා ඇයගේ විවාහය ඇතුළු අංශ රැසක දී ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර ඇති බැවින් ඇය කිසිවිටෙකත් මෙම ජයග්‍රහණය සඳහා සුදුසුකම් නොලබන බවයි.

එමෙන්ම හිටපු ලෝක විවාහක රූ රැජිනක ලෙස කැරොලයින් ජුරි පුෂ්පිකාගේ කිරුළ ඉවත් කිරීමට පියවර ගැනීම නිවැරදි බවත් මෙම ක්‍රියා කලාපයන් හරහා එය තහවුරු වන බවත් ඇයගේ මෙම සටහනට ඇතුළත්.

පසුගිය අප්‍රේල් මාසයේ දී පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගාවලියේ දී අනුශුරතාවය දිනාගත් ආශ්‍යා බස්නායකට හිමිවිය යුතුව තිබූ ලෝක විවාහකක රූ රැජින තරග තරගාවලියට එක් වීම සඳහා තිබූ අවස්ථාව පුෂ්පිකා ද සිල්වා විසින් බලහත්කාරයෙන් පැහැරගෙන ඇති බව ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් ඇයගේ මුහුණුපොතේ සටහනේ දක්වා තිබෙනවා.

ඇය වැඩි දුරටත් සඳහන් කරන්නේ එම අසාධාරණ ක්‍රියාවලිය හරහා ආශ්‍යා බස්නායකට අහිමි වූ අවස්ථාව ලබන වසරේ දී පැවැත්වෙන ලෝක විවාහක රූ රැජින තරගාවලිය නියෝජනය කිරීමට ලබාදෙමින් ඇයට සාධාරණය ඉෂ්ට කළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.

ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් (Libby Crawford) පුෂ්පිකා ද සිල්වා මෙවර ලෝක විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇයගේ මුහුණු පොතේ තිබූ සටහනක් සම්බන්ධයෙන් ද අදහස් පළ කරමින් කියා සිටියේ ලෝක විවාහක රූ රැජන තරගාවලියේ ඇත්තේ ජයග්‍රාහිකාව සහ අනුශූරතාව දිනා ගන්නා දෙදෙනකු පමණක් බවයි.

එසේත් නොමැතිව මෙම තරගාවලියේ තුන්වන, සිව්වන ආදි වශයෙන් ශ්‍රේණිගත කිරීමක් සිදු නොකරන බවත් ඇය එම සටහන හරහා පැහැදිලි කර තිබුණා.

මෙලෙස පුෂ්පිකා ද සිල්වා ට ලිබ්බි ක්‍රව්ෆෝර්ඩ් ප්‍රතිචාර දක්වා තිබුණේ පුෂ්පිකා විසින් ඇයගේ මුහුණු පොතේ ලෝක විවාහක රූ රැජින තරගාවලියේ සිව්වන ස්ථානය තමන් දිනාගත් බවට සිංහලෙන් තබා තිබූ සටහනකටයි.

ලස් වේගස් හිදී පසුගියදා පැවති ලෝක විවාහ රූ රැජිණ තරගාවලියේ, අවසන් තරගයේදී අවසාන සුරූපිනියන් හය දෙනා අතරට පිවිසෙන්නට පුෂ්පිකාට හැකියාව ලැබුණා.

කෙසේ වෙතත්, මෙම තරගය අවසානයේ 2021 ලෝක විවාහක රූ රැජින ලෙස, කිරුළු පැළැන්ඳේ අමරිකානු විවාහක රූ රැජිනයි.

එහි, අනුශූරතාව ජෝර්දාන සුරූපිනියට හිමි වුණා.

මේ සංසිද්ධියෙන් පසුව ලෝක විවාහක රූ රැජිණ පිළිබඳව මූලික කතාබහ අවසන් කෙරුණ ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එහි ගිය පුෂ්පිකා ද සිල්වා තවත් කතා මවන්නට පටන් ගත්තා.

ඒ, ඇයගේ මුහුණු පොත හරහා සිංහල භාෂාවෙන් තබා තිබූ සටහනක් හේතුවෙන්.

එහිදී පුෂ්පිකා ද සිල්වා පවසා තිබුණේ, මෙම තරගාවලියේ ඇය \"සිව්වැනි ස්ථානයට\" පත් වූ බවයි.

ඒ සම්බන්ධයෙන් සිය ස්තුතිය ද පුද කරමින් , රටට සහ ඇය එතැනට කැඳවාගෙන ගිය කණ්ඩායමට තුති පුදා තිබුණා.

කෙසේ වෙතත්, එම සටහනේම පහතින් එයට ප්‍රතිචාර දක්වා තිබූ ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ කමිටු මණ්ඩල සමාජීකාවක වන Libby Crawford පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තෙ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව දිනාගත් සුරූපිනියක් බවත් පවසා තිබුණා.

එහිදී ඇය වැඩිදුරටත් එම සටහන හරහා පුෂ්පිකාගෙන් ඉල්ලා තිබුණේ වහාම එම සටහන නිවැරදි කර එයට ප්‍රතිචාර දක්වන ලෙසටයි.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පුෂ්පිකා ද සිල්වා එතරම් දැඩි අවධානයක් යොමු නොකර තිබූ පසුබිමක් මත ඇය නැවතත් පසු සටහනක් තබමින්, පෙන්වා දී තිබුණේ, \"ඔබ සැබැවින්ම විවාහක නම්, ඉහත සටහනේ ඔබගේ සැමියාට ස්තුති කිරීමට අමතක කර තිබුණේ ඇයි?\" ද යනුවෙන්.

මේ සමඟම පුෂ්පිකා ද සිල්වාගේ මෙම ජාත්‍යන්තර තරගාවලි සහභාගීත්වයට වඩා මේ මුහුණූ පොතේ සටහන කෙරෙහි සමාජ මාධ්‍යයේ දැඩි අවධානයක් යොමු වුණා.

එමෙන්ම, පුෂ්පිකා සම්මුඛ සාකච්ඡා කිහිපයකට ම එක් වෙමින් තමන් සතුවන්නට ගිය ජයග්‍රහණය අහිමි කරවන්නට කුමන්ත්‍රණ දියත් වූ බවට හෙළිදරව්වක් කළා.

ඇය එහිදී සෘජුවම චෝදනා එල්ල කළේ චන්දිමාල් ජයසිංහට සහ රෝසි සේනානායකට යි.

අනතුරුව, කොළඹ පුරපතිනි රෝසි සේනානායක විසින්, විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට එන්තරවාසියක් යොමුකර තිබුණේ, තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලමිනුයි.