විල් ස්මිත්ට ඉදිරි වසර 10ක් සඳහා ඔස්කාර් සම්මාන උලෙළ තහනම් වෙයි

Tuesday, 12 April 2022 - 9:57

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1+%E0%B6%8B%E0%B6%BD%E0%B7%99%E0%B7%85+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
විකට නළු ක්‍රිස් රොක්ට කම්මුල් පහරක් එල්ල කිරීම නිසා මහත් කතාබහට ලක් වූ විල් ස්මිත්ට ඉදිරි වසර 10ක් සඳහා ඔස්කාර් සම්මාන උලෙළට සහභාගි වීම තහනම් කර තිබෙනවා.

ඊළඟ දශකය තුළ චලන චිත්‍ර කලා සහ විද්‍යා ඇකඩමිය විසින් පවත්වනු ලබන වෙනත් කිසිදු උත්සවයකට සහභාගී වීමට ද ස්මිත්ට අවසර නෑ.

\'කිං රිචඩ්\' සඳහා ස්මිත් දිනාගත් හොඳ ම නළුවා සම්මානය අවලංගු කර නැති අතර, අනාගත ඔස්කාර් නාමයෝජනා සඳහා ද ස්මිත්ට කිසිදු තහනමක් නැති බව යි වාර්තා වන්නේ.