ඉන්දීය සිනමාවේ දැවැන්තයෙක්, ලංකාවේ

Tuesday, 24 January 2023 - 17:27

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%2C+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ප්‍රසිද්ධ ඉන්දීය නළු Ashish Vidyarthi ලංකාවට පැමිණ තිබෙනවා.

ඉන්දීය සිනමාවේ දැවැන්තම දුෂ්ඨ චරිතය ලෙසයි Ashish Vidyarthi රසිකයින් හමුවට පැමිණෙන්නේ.

ඔහු ලංකාවට පැමිණි පසු සිය ෆේස්බුක් පිටුවට සජීවීව පැමිණ තම රසික රසිකාවියන් සමඟ ශ්‍රී ලංකාවට පැමිණි ගමන ගැන කතා කර තිබුණා.

ලොව පුරා සිටින ජනතාව ශ්‍රී ලංකාවට පැමිණිය යුතු බවද ඔහු එහිදී සඳහන් කර තිබුණා.

තමන් ශ්‍රී ලංකාවට පැමිණෙන දෙවන අවස්ථාව මෙය බවත් මෙම සංචාරය Let\'s lanka ලෙස නම් කර ඇති බවත් ආශිෂ් විද්‍යාර්ථි සඳහන් කරනවා.

මෙරට සිනමා රසවතුන්ට ගිල්ලි සිනමාපටය හරහා අතිශය රසික ආකර්ෂණයක් දිනූ ඔහුගේ මේ පැමිණීම නැවුම් ආරංචියක් වනු නොඅනුමානයි.