ලෝකයේ දිගම කොණ්ඩය හිමි කාන්තාව ඇමරිකාවේ

Monday, 04 September 2023 - 22:58

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B6%B8+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BA+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A
ලොව දිගම කොණ්ඩය හිමි තැනැත්තිය ලෙස ඇමරිකාවේ Tammy Manis තෝරාගෙන තිබෙනවා.

58 හැවිරිදි Tammy Manis ඇමරිකාවේ දකුණු ප්‍රදේශයේ Tennessee ප්‍රාන්තයේ Knoxville හි උපන් අයෙක්.

ඇය කොණ්ඩයේ දිග කපා හෝ වෙනස් කර නොමැති අතර දැනට ඇයගේ කොණ්ඩයේ දිග අඩි 5 අඟල් 8 (සෙන්ටිමීටර 172.7)ක් වෙනවා.

ලෝකයේ සියලුම ආකාරයේ ජයග්‍රහණ වාර්තා කරන ගිනස් ලෝක වාර්තා පොතට මානිස් ඔහුගේ කොණ්ඩයේ දිග පෙන්වන වීඩියෝවක් යවා ඇති බවයි වාර්තා වන්නේ.

පසුව, ගිනස් ලෝක වාර්තා විසින් මැනිස් ලෝකයේ දිගම කොණ්ඩය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එය 2024 ගිනස් පොතේ පළ කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.