ලොව බිහිවූ විශිෂ්ඨ දඟ පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජිවිත කථාව පාදක කර ගනිමින් නිර්මාණය කරන ලඳ \"800\" චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය එළිදැක්වීම අද ඉන්දියාවේ මුම්බායි හිදී සිදුකරනු ලැබුවා.
ඒ සුපිරි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර්ගේ ප්‍රධානත්වයෙන්.
මෙම අවස්ථාව සඳහා මුරලි - සිය බිරිඳ වන මදිමලර් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා.
දමිළ සිනමාවේ සුප්‍රකට අධ්යක්ෂවරයකු වන එම්.එස්. ශ්‍රීපතිගේ සිනමා නිර්මාණයක් වන ‘800’ තිර රචනය ද ඔහු විසින් සිදු කරනු ලැබූ අතර මුරලි චරිතය පනපොවන්නට විජේ සේතුපති තෝරාගෙන තිබුණත් තමිල්නාඩුවේ ඇතැම් පාර්ශවයන්ගෙන් එල්ල වූ දැඩි බලපෑම් මත සේතුපති ඉන් ඉවත්වීමට තීරණය කළා.
ඒ අනුව ඉන්දියාවේ අතිශය ජනප්‍රියත්වයට පත් වූ සහ ඔස්කා සම්මානයෙන් පිඳුම් ලැබූ ස්ලම්ඩෝග් මිලියනය (Slumdog Millionaire) චිත්‍රපටයේ සලීම්ගේ චරිතයට පණ පෙවූ \"මධූර් මිට්ටාල්\"මුරලිගේ චරිතයට රංගනයෙන් දායකවනවා.
ජනවාර්ගික අර්බුධයට මැදිව මුරලි සිය ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භය කිරීමෙන් අනතුරුව ජාතික කණ්ඩායම තෙක් වූ ආ ගමන් මඟ මෙන්ම ඔස්ට්‍රේලියාවේදී පන්දු දමා ගැසීමේ චෝදනාවට ලක්වීම, 1996 ලෝක කුසලානය දිනාගැනීමේ මතකය,2009 වසරේ ලාහෝර්හිදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රභාරය සහ 800 වැනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීම ඇතුළු මුරලිගේ දිවියේ සුවිශේෂී සිදුවීම් රැසක් ‘800’චිත්‍රපටය හරහා සිනමාවට නඟා තිබෙනවා.