ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් පිරිසක් මුහුද යට එක් වරකට මසකට ආසන්න කාලයක් ජීවත් විය හැකි ස්ථානයක් වේල්සයේ මුහුදු වෙරළ ආසන්නයේ මුහුදු මට්ටමේ සිට අඩි 660 ක් පහළින් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම නවාතැන්පොළ 2027 වන විට ඉදිකර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ඩීප් සමාගම සඳහන් කරනවා.
ගොඩබිමට පැමිණීමකින් තොරව මෙම නවාතැන්පොළ තුළ වරකට දවස් 28 ක් ජීවත් විය හැකි බවයි එම සමාගම පවසන්නේ.
ඩීප් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන් සඳහන් කරන්නේ මුහුදේ ඉර එළිය වැටෙන කලාපයේ ජීවත් වෙන 90% ක් මුහුදු ජීවින් අධ්‍යනය කිරීම සඳහා පර්යේෂකයන්ට මෙම නවාතැන්පොළ යොදා ගැනීමට හැකියාව පවතින බවයි.
කෙසේ වෙතත් මුහුද මතුපිට සිට ජීවින් අධ්‍යනය කරනවාට වඩා එම මුහුදු ජීවින් සමඟ ජීවත් වෙමින් අධ්‍යනයන් සිදු කිරීම හරහා වෙනස්ම ආකාරයේ පර්යේෂණ සිදු කළ හැකි බවයි සමාගම පෙන්වා දෙන්නේ.