දමිළ සිනමාවේ අග්‍රගණ්‍ය නළු විජය රඟන ලියෝ චිත්‍රපටය අද ලොව පුරා තිරගත වුණා.
විශාල බලාපොරොත්තු මධ්‍යයේ අද තිරගත වූ මෙම චිත්‍රපටය ලොව පුරා කෝටි 125-140 අතර ප්‍රමාණයක් රැස්කර ඇති බවයි වාර්තා වූයේ.
චිත්‍රපටයේ අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් මෙනන් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වූ අතර මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කර ඇත්තේ ශ්‍රී ලංකාවේ යාපනයේ උපත ලද කලක් මාධ්‍යවේදියෙකු ලෙස සේවය කළ තරුණියක්.
ඇය නමින් ජනනි වන අතර ලියෝ චිත්‍රපටයේ ඇය රඟපෑවේ විජයගේ කඩේ වැඩ කරන තරුණියකගේ චරිතයක්.
මෙම අවස්ථාව හිමිවීමට පෙර ඇය Bigg Boss-6 සඳහා සහභාගී වී ඇති අතර ඒ හරහා ප්‍රසිද්ධියට පත් වීමෙන් අනතුරුවයි මෙලෙස මෙම චිත්‍රපටය සමඟින් සම්බන්ධ වී ඇත්තේ.
එමෙන්ම තම පළමු චිත්‍රපටයේම විජය සමඟින් රඟපාන්නට ලැබීම ගැන ආඩම්බර වන බවත්, තමාට මෙම අවස්ථාව ලබාදුන් අධ්යක්ෂ ලෝකේෂ් කනගරාජ් ඇතුළු පිරිසට ස්තූතිවන්ත වන බවයි ජනනි Twitter සටහනක් තබමින් ප්‍රකාශ කොට ඇත්තේ.