විජෙයිගේ පක්ෂයේ කොඩිය එළිදකියි

Thursday, 22 August 2024 - 16:38

%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%99%E0%B6%BA%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A9%E0%B7%92%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
දෙමළ නළු විජෙයි විසින් තම දේශපාලන පක්ෂය වන Tamizhaga Vetri Kazhagam සඳහා ඉදිරිපත් වන ඔවුන්ගේ ධජය සහ ලකුණ අද (22) එළි දක්වා තිබෙනවා.

විජය විසින් තමිල්නඩුවේ පනෛයූර්හි පිහිටි සිය පක්ෂ කාර්යාලයේදී මෙය එළිදක්වා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ඔහු තම දේශපාලන පක්ෂය වෙනුවෙන් නිල ගීතයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙරූන් සහ කහ වර්ණ දෙකෙන් යුත් කොඩියේ දෙපස ඇතුන් දෙදෙනෙකු සහ මධ්‍යයේ තරුවලින් වට වූ මොණරෙකු මෙහි නිරූපණය කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙබරවාරි මාසයේදී විජය Tamizhaga Vetri Kazhagam දියත් කරන බව නිවේදනය කර ඇති අතර ඔහු තමිල්නාඩුවේ 2026 සභා මැතිවරණයට තරඟ කරන බව පවසා තිබෙනවා.

පසුගිය ලෝක් සභා මැතිවරණයේ දී ඔහුගේ පක්ෂය කිසිදු දේශපාලන කණ්ඩායමක් සමඟ සන්ධානගත නොවීමද විශේෂත්වයක්.

උත්සවය අතරතුර විජය පැවසුවේ, \"ඔබ සියලු දෙනා අපේ පළමු රාජ්‍ය සමුළුව සඳහා බලා සිටින බව මම දනිමි. ඒ සඳහා සූදානම් වෙමින් පවතින අතර ඉතා ඉක්මනින් මම එය ප්‍රකාශ කරමි. ඊට පෙර, මම අද අපේ පක්ෂයේ කොඩිය නිරාවරණය කළා, මට ආඩම්බරයක් දැනෙනවා ... තමිල්නාඩුවේ සංවර්ධනය සඳහා අපි එක්ව කටයුතු කරමු.\" ලෙසයි.