අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත් ගගනාගාමීන් එහි පුහුණුවීම් ආරම්භ කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
මෙම කෘත්‍රිම සඳ මතුපිට නිර්මාණය කර ඇත්තේ, ජර්මනියේ කාලෝන් නුවර, ‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ දැවැන්ත අංගනයක් තුළ වීමත් විශේෂත්වයක්.
‘ඒරෝස්පේස් සෙන්ටර්’ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ වර්ග මීටර් 700 ක ප්‍රදේශයක තුළ මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කර තිබෙනවා.
යමහල් පාෂාණ ටොන් 900 ක් කුඩු කරමින්, මෙම සඳ මතු පිට කෘත්‍රිම පෘෂ්ඨය නිර්මාණය කර ඇති අතර, ජර්මනියේ අයිෆල් පළාතේ යමහල පාෂාණ, ඉතාලියේ එට්නා ගිනි කන්ද අවට යමහල් පාෂාණ සහ පස් සහ නෝර්වේ රාජ්‍යයෙන් එකතු කරගත් යමහල් පාෂාණ මෙම කෘත්‍රිම සඳ නිර්මාණයට යොදා ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එසේම,මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණය කිරීමට මූලික වශයෙන් දායක වී ඇත්තේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයයි.
‘එසා’ යන කෙටි නාමයෙන් හැඳින්වෙන යුරෝපා අභ්‍යවකාශ ආයතනය යුරෝපා රටවල එකමුතුවෙන් පිහිටුවා ඇති අතර, ඊට අමතරව, අමෙරිකාවේ නාසා ආයතනය ද මෙම කෘත්‍රිම සඳ පෘෂ්ඨය නිර්මාණයට සම්බන්ධ වී ඇති බවද සඳහන් වනවා.

Latest News
කේරළ වෙරළට ඔබ්බෙන් බහාලුම් නෞකාවක් පෙරළෙයි
Local
24 May 2025

බණ්ඩාරිගොඩ සහ රංජිත් අලුවිහාරේ තීරණයක් අරන්
Local
24 May 2025

කෙහෙල්බද්දර පද්මේගේ රුව යොදා පාස්පෝට් හැදූ දෙදෙනෙක් රිමාන්ඩ්
Local
24 May 2025

මස්ක්ගේ 'X' හදිසි බිඳවැටීමක්
Local
24 May 2025

මැයි මුල් දින 21ට විදෙස් සංචාරකයින් අනූ දහසක් දිවයිනට
Local
24 May 2025

අභාවප්‍රාප්ත නිළි රැජිණ, මාලනී ෆොන්සේකාගේ දේහය නිවසට (වීඩියෝ)
Local
24 May 2025

ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමේ නව පුහුණුකරු රොඩ්නි ගිබ්ස්
Local
24 May 2025

නිළි රැජිණ වෙනුවෙන් ජනපතිගෙන් ෆේස්බුක් සටහනක්
Local
24 May 2025

බිහිසුණු අනතුරකින් 7ක් රෝහලට (වීඩියෝ)
Local
24 May 2025

රුසියාවෙන් යුක්රේනයට තවත් ප්‍රහාරයක්
Local
24 May 2025