පාසල් සිසුවියක් දුෂණය කර සැඟව සිටි බාලවයස්කාර සැකකරුවෙක් අත්අඩංගුවට

Tuesday, 02 May 2017 - 7:32

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%9F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B7%8F%E0%B6%BD%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මහියංගනය ප්‍රදේශයේදී බාල වයස්කාර පාසල් සිසුවියක් දුෂණය කර පලා විත් සැඟවී සිටි සැකකරුවෙකු මුන්දලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගනය ප්‍රදේශයේම පදිංචි 17 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි අප වාර්තාකරු සදහන් කළේ.

13 හැවිරිදි පාසල් සිසුවියක් දුෂණයකර පලාවිත් අදාල බාලවයස්කාර සැකකරු  මුන්දලම - බරනන්කට්ටුව ප්‍රදේශයේ නිවසක සැගවී සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකරුව පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් රම්සි සම්සුදීන් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර ඇති අතර සැකකරුව මහියංගනය දිසා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා මීගමුව බන්ධනාගාර අධිකරීවරයාට නියෝග කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories