ජේම්ස් ෆෝක්නර්ට ලෝක කුසලාන තරඟාවලිය අහිමිවන ලකුණු.

Monday, 02 February 2015 - 14:15

%E0%B6%A2%E0%B7%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B7%86%E0%B7%9D%E0%B6%9A%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A%E0%B6%A7+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B7%80%E0%B6%B1+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ජේම්ස් ෆෝක්නර් ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට ඉදිරි ලෝක කුසලාන තරඟාවලිය අහිමිවනු ඇති බව එරට ක්‍රිකට් බලධාරීන් පවසනවා. එංගලන්තය, ඉන්දියාව සහ  ඕස්ට්‍රේලියාව අතර පැවති තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ එංගලන්තය සමග පැවති අවසන් තරඟයේදී ෆෝක්නර් මෙලෙස ආබාධයකට ලක්වුණා. මෙම තරඟයේදී ෆෝක්නර් පන්දු 24 ක් තුළ වේගවත් ලකුණු 50 ක් ලබාගැනීමට සමත්වුණා. ෆෝක්නර් නොමැතිවීම තම කණ්ඩායමට විශාල පාඩුවක් බවයි  ඕස්ට්‍රේලියානු ක්‍රිකට් බලධාරීන් පෙන්වා දෙන්නේ. මේ වනවිට කණ්ඩායමේ නිත්‍ය නායක මයිකල් ක්ලාක්ද ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි ලෝක කුසලාන තරඟාවලියට සහභාගිවීම අවිනිශ්චිත වී තිබෙනවා.