නවසීලන්තය යළිත් වැඩ පෙන්වයි

Tuesday, 03 February 2015 - 20:11

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාකිස්ථාන කණ්ඩායම සමග නේපියර් හි පැවති දෙවන එක්දින තරඟය ලකුණු 119 කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම අද සමත්වුණා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 369 ක්. කෙන් විලියම්සන් සහ රොස් ටේලර් එහිදී ශතක රැස් කළා. එහෙත් පන්දු වාර 43 යි එක් පන්දුවක් අවසානයේ පාකිස්ථාන කණ්ඩායමට සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 250ක් පමණයි. දෙරට අතර පැවති පළමු එක්දින තරඟයද නවසීලන්ත කණ්ඩායම ජයග්‍රහණය කළා.