ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ මානසිකත්වය ගැන විචාරකයන්ට ගැටළුවක්

Thursday, 05 February 2015 - 13:03

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරඟාවලිය සඳහා පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින් නොවන බව ක්‍රීඩා විචාරකයන් පවසනවා. ක්‍රික් ඉන් ෆෝ වෙබ් අඩවියේ පළ කළ ලිපියක මේ බව දැක්වෙනවා. එහෙත් කිසිලෙසකින්වත් ශ්‍රී ලංකා කණ්ඩායම අවතක්සේරු කළ නොහැකි බවයි එහි තවදුරටත් දැක්වෙන්නේ. අවසන් වරට පැවති ඉන්දියාව සහ නවසීලන්තය සමඟ එක්දින තරඟාවලි ශ්‍රී ලංකාව පරාජයට පත්වුණා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රධාන තරඟාවලදී ක්ෂණිකව තම සුපුරුදු ක්‍රීඩා විලාශයට පැමිණීම දැකිය හැකි බවයි එම ලිපියේ වැඩිදුරටත් දැක්වුණේ. 1996 වසරේ දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම 2007 සහ 2011 වසරවල පැවති ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.