අජ්මාල් සහ සොහාග් නිවැරදියි. අයි.සී.සී.ය කියයි

Saturday, 07 February 2015 - 19:09

%E0%B6%85%E0%B6%A2%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%9C%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%92.+%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B7%83%E0%B7%93.%E0%B7%83%E0%B7%93.%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පාකිස්ථාන පිලේ දඟ පන්දු යවන ක්‍රීඩක සයීඞ් අජ්මාල් සහ බංග්ලාදේශ ක්‍රීඩක සොහාග් ගාසි ගේ පන්දු යැවීමේ ඉරියව් නිවැරදි බව අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනය තීරණය කර තිබෙනවා. ඒ සැකකටයුතු පන්දු යැවීමේ ඉරියව් හේතුවෙන් තාවකාලික තහනමට ලක් වූ එම ක්‍රීඩකයන් පුනරුත්ථාපනයට ලක්කොට යළි පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. පසුගිය මැසි 24 වැනිදා ඔවුන් මෙලෙස නැවත පරීක්ෂාවට ලක් කෙරුණේ ඉන්දියාවේ චෙන්නායි නුවර ශ්‍රීරාමචන්ද්‍ර විශ්වවිද්‍යාල භෞතික පරීක්ෂණාගරයේදීයි. කෙසේ නමුත් පැවති තහනම හේතුවෙන් සයීඞ් අජ්මාල් සහ සොහාග් ගාසි ඔවුන්ගේ ජාතික කණ්ඩායම්වල ලෝක කුසලාන සංචිතවලට ඇතුළත් කෙරුණේ නැහැ.