නවසීලන්තයෙන් ශ්‍රී ලංකාවට 332ක ඉලක්කයක්

Saturday, 14 February 2015 - 7:37

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+332%E0%B6%9A+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදි ශ්‍රී ලංකා පිලේ ආරාධනයට අනුවට හැග්ලි ඕවල් පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 331ක් ලබාගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදි කොරේ ඇනඩර්සන් ලකුණු 75ක් ලබාගැනීමට සමත් වූ අතර, නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ලකුණු 65ක් ලබාගත්තා. මීට අමතරව කේන් විලියම්සන් ලකුණු 57ක් සහ මාර්ටින් ගුප්ටිල් ලකුණු 49ක් ලබාගත්තා. පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් සහ ජීවන් මෙන්ඩිස් කඩුළු 2 බැගින් ලබාගැනීමට සමත් වූ අතර, රංගන හේරත් සහ නුවන් කුලසේකර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. ඒ අනුව ලකුණු 332ක ජයග්‍රාහී ඉලක්කය හඹායාමට ශ්‍රී ලංකා කණ්ඩායම තවත් මද වේලාවකින් පිටියට පැමිණීමට නියමිතයි.