ක්‍රිකට් ලෝක කුසලාන පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජය වෙයි

Saturday, 14 February 2015 - 11:33

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ පළමු තරගයේ ජය වාර්තා කිරීමට සත්කාරක නවසීලන්ත කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ ලකුණු 98කින්. කාසියේ වාසිය දිනාගනිමින් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස්ගේ ආරාධනයට අනුව පන්දුවට පහරදීම සදහා හැග්ලි ඕවල් පිටයට පැමිණි නවසීලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 6ක් දැවී ලකුණු 331ක් රැස්කර ගැනීමට සමත්වුණා. නවසීලන්තය වෙනුවෙන් පන්දුවට පහරදීමේදි කොරේ ඇනඩර්සන් ලකුණු 75ක් ලබාගැනීමට සමත් වූ අතර, නවසීලන්ත කණ්ඩායමේ නායක බ්‍රෙන්ඩන් මැක්ලම් ලකුණු 65ක් ලබාගත්තා. මීට අමතරව කේන් විලියම්සන් ලකුණු 57ක් සහ මාර්ටින් ගුප්ටිල් ලකුණු 49ක් ලබාගත්තා. පන්දු යැවීමේදි ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුරංග ලක්මාල් සහ ජීවන් මෙන්ඩිස් කඩුළු 2 බැගින් ලබාගැනීමට සමත් වූ අතර, රංගන හේරත් සහ නුවන් කුලසේකර එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුණා. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 46යි එක් පන්දුවක් තුළදී ලකුණු 233කට සියලුදෙනා දවා ගැනීමට නවසීලන්ත පිතිකරුවන් සමත් වුණා. ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් සාර්ථකව පන්දුවට පහරදීමට සමත් වුණේ ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න සහ නායක ඇන්ජලෝ මැතිව්ස් පමණයි. තිරිමාන්න ලකුණු 65ක් රැස්කර ගත්තේ පන්දු 60ක් තුළදීයි. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ලබාගත්තා. ඒ අනුව 2015 ලෝක කුසලාන තරඟාවලියේ ප්‍රථම ජය වාර්තා කරමින් \'ඒ\' ඛාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ ලකුණු 2 ක් ලබාගනිමින් ඉහළම ස්ථානයට පැමිණීමට නවසීලන්තය සමත් වුණා.