මිලර් නිසා අප්‍රිකාව ගොඩ

Sunday, 15 February 2015 - 10:12

%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9
නවසීලන්තයේ හැමිල්ටන් නුවර පැවැත්වෙන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ පිල තරඟයේ කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ පිල පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස දකුණු අප්‍රිකාවට ආරාධනා කළා. දකුණු අප්‍රිකානු පිල මීට සුළු වේලාවකට පෙර පන්දු වාර 50 අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 339 ක් ලබා ගත්තා.
මුල් ඕවර කිහිපයේදී සිම්බාබ්වේ පන්දු යවන්නන් හමුවේ දකුණු අප්‍රිකාව අසරණ වුවද ඩේවිඩ් මිලර්ගේ පිටියට පිවිසීමත් සමඟ සිම්බාබ්වේ පන්දු යවන්නන් අසරණ වෙන්නට පටන් ගත්හ.
නොනවතින ඉනිමක් ක්‍රීඩා කළ මිලර් සිය පිත්තෙන් හයේ පහරවල් 9ක් සහ හතරේ පහරවල් 7ක් සමඟ ලකුණු 138ක් ලබා ගැනීමට සමත් විය.
ඔහු සමඟ 5ස් වන කඩුල්ල සඳහා අගනා සහයක් ලබා දුන් ඩුමිනිද ලකණු 115ක් ලබා ගැනීමට සමත් විය.
ඒ අනුව සිම්බාබ්වේ පිලට ලකුණු 340ක් ඉලක්කයක් හඹා යාමට සිදු වේ.