කෝලි පකිස්ථානයට වැඩ පෙන්වයි

Sunday, 15 February 2015 - 13:10

%E0%B6%9A%E0%B7%9D%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ දෙකක්  ඕස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේදී අද පැවැත්වෙන අතර වැඩිදෙනෙකුගේ අවධානය යොමුව ඇත්තේ ඇඩිලේඞ් නුවර පැවැත්වෙන ඉන්දු - පාකිස්ථාන තරඟය පිළිබඳවයි. කාසියේ වාසිය දිනූ ඉන්දීය පිල පළමුවෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් මීට සුළු වේලාවකට පෙර පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7 ක් දැවී ලකුණු 300 ක් රැස් කර ගත්තා. විරාට් කෝලි ලකණු 107ක් රැස් කරගැනීමට සමත්වුණා.
පාකිස්ථානු කණ්ඩායම වෙනුවෙන් සොහිල් ඛාන් කඩුලූ 5 ක් බිඳ හෙළීමට සමත්වුණා.

මේ අතර හැමිල්ටන් හි පැවැත්වෙන ලෝක කුසලාන තරඟයේදී සිම්බාබ්වේ පිලට එරෙහිව කඩුලූ 4 ක් දැවී ලකුණු 339 ක් රැස් කිරීමට දකුණු අප්‍රිකාව සමත්වුණා. එහිදී ඬේවිඞ් මිලර් සහ ජේ.පී. ඩුමිනි ශතක රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන සිම්බාබ්වේ පිල පන්දු වාර 25 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 148 ක් ලබා සිටියා.