IPL වෙන්දේසියේ මැතිව්ස්ට තුන්වැනි තැන

Monday, 16 February 2015 - 13:41

IPL+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1
8 වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය සඳහා ක්‍රීඩක වෙන්දේසිය අද පෙරවරුවේ බැංගලෝරයේදී ආරම්භ වුණා. එහිදී වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වූයේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක යුවරාජ් සිං. ඔහු ශ්‍රී ලංකා රුපියල් කෝටි 34 ක මිලකට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම විසින් මිලට ගෙන තිබෙනවා. දෙවනුවට වැඩිම මිලක් හිමිවී ඇත්තේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කන්ඩායමේ දිනේෂ් කාර්තික්ටයි. වෙන්දේසියේදී ඔහුට හිමිවී ඇති මුදල රුපියල් කෝටි 21 ක්. ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් රුපියල් කෝටි 15 යි දශම 9 යි 7 කට මිලදී ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම පියවර ගනු ලැබුවා. කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව තිබුණද ඔවුන් මෙතෙක් කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගෙන නැහැ. මෙවර අයි.පී.එල්. තරඟාවලිය සඳහා කණ්ඩායම් 7 ක් ඉදිරිපත්ව තිබෙනවා.