නවසීලන්තයට කඩුලූ 3ක ජයක්

Tuesday, 17 February 2015 - 10:20

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%96+3%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය සමග පැවැති තරගය කඩුළු තුනකින් ජය ලැබීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. කාසියේ වාසිය දිනා ගැනීමෙන් අනතුරුව නවසීලන්තයේ ආරාධනයකට අනුව පිටියට පිවිසි ස්කොට්ලන්ත පිතිකරුවන් පන්දුවාර 36යි පන්දු 2කදි සියලුදෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 142ක් පමණයි. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි නවසීලන්ත පිතිකරුවන් කඩුළු 7ක් දැවී පන්දුවාර 24යි පන්දු 5ක් තුළ ලකුණු 146ක් ලබාගනිමින් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වුණා.