ලෝක කුසලාන වේගවත්ම අර්ධ ශතකය මැකලම්ගෙන්

Friday, 20 February 2015 - 10:11

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B8%E0%B7%90%E0%B6%9A%E0%B6%BD%E0%B6%B8%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරගයකදී වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට නවසීලන්ත ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් අද (20) සමත්වුණා. එංගලන්තය සමග වෙලින්ටන්හි පැවති ලෝක කුසලාන ඒ කාණ්ඩයේ තරගයේදී ඔහු එම අර්ධ ශතකය රැස් කළේ පන්දු 18 කට මුහුණ දෙමින්. මැකලම් ලකුණු 77 කට දැවී ගිය අතර, පන්දු 25 කදී ඔහු එම ලකුණු සංඛ්‍යාව රැස් කළේ 6 පහර 7 ක් සහ 4 පහර 8 ක් සමගින්. මෙම තරගයේදී එංගලන්ත පිල ලකුණු 123 කට දවාලීමට නවසීලන්ත ක්‍රීඩකයන් සමත් වුණා. ටිම් සව්දි එහිදී ලකුණු 33 කට කඩුලූ 7 ක් බිඳ හෙලූවා. නවසීලන්ත පිල පන්දුවාර 12 යි පන්දු 2 ක දී කඩුලූ 2 ක් දැවී ලකුණු 125 ක් ලබමින් තරගයේ ජය හිමිකර ගත්තා.

පන්දු 17 කදී අර්ධ ශතකයක් රැස් කරමින් එක්දින ජාත්‍යන්තර තරගවලදී වේගවත්ම අර්ධ ශතකයට මේ වනවිට හිමිකම් කියන්නේ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ.බී.ඩිවිලියර්ස්.