බටහිර ඉන්දීය කොදෙව් පිළ ලකුණු 150කින් ජය ගනී

Saturday, 21 February 2015 - 13:41

%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+150%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ක්‍රයිස්චර්ච් නුවර අද පැවැති ලෝක කුසලාන බී කාණ්ඩයේ තරඟයකදී පාකිස්තානය ලකුණු 150කින් පරාජයට පත් කිරීමට බටහිර ඉන්දීය කොදෙව් පිළ සමත් වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් පිළ සිය පන්දු වාර 50 තුළදී කඩුලූ 6ක් දැවී ලකුණු 310ක් රැස් කළා. එහිදී ලෙන්ඞ්ල් සිමන්ස් සහ දෙනේෂ් රම්ඞීන් අර්ධ ශතක ලැබූ අතර ඩැරන් බ්‍රාවෝ ලකුණු 49ක් ලබා ගත්තා. පාකිස්තාන පිළ පන්දු වාර 39කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබා ගත්තේ ලකුනු 160ක් පමණයි. එහිදී උමාර් අක්මාල් ලකුණු 59ක් ද, සොහිඞ් මක්සූඞ් ලකුණු 50ක් ද රැස් කළා. ජෙරොම් ටේලර් ලකුණු 15කට කඩුලූ 3ක් ද ආන්ද්‍රේ රසල් ලකුණු 33කට කඩුලූ 3ක් ද බිද හෙලූවා. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථාන අතර තරඟය  හෙට නවසීලන්තයේ ඩුනෙඞීන් හිදී පැවැත්වීමට නියමිතයි.