මෙවර ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියේ ප්රථම ජයග්රණය වාර්තා කිරීමට ශ්රී ලංකාව අද සමත්වුණා. ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව නවසීලන්තයේ ඩුනෙඞීන් හි පැවති ඒ කාණ්ඩයේ තරඟයකින්. කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් පළමුවෙන් පන්දුවට පහරදෙන ලෙස ඇෆ්ගනිස්ථානයට ආරාධනා කළා. ඇෆ්ගනිස්ථාන පිල පන්දු වාර 49 යි පන්දු 4 කදී සියලූ ක්රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 232 ක් පමණයි. අස්ගාර් ස්ටැනික්සායි එහිදී ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් ලකුණු 54 ක් රැස් කළා. ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 41 කට කඩුලූ 3 බැගින් බිඳ හෙලූවා. සුරංග ලක්මාල් ලකුණු 36 කට කඩුලූ 2 යි.
ලකුණු 233 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්රී ලංකා පිලේ පළමු කඩුල්ල ඉනිමේ පළමු පන්දුවේදීම දැවී ගිය අතර, ලකුණු 2 කට කඩුලූ 2 ක්ද, ලකුණු 18 කට කඩුලූ 3 ක්ද ලෙස ලකුණු පුවරුව සටහන්වුණා. ලකුණු 51 දී ශ්රී ලංකා පිලේ 4 වන කඩුල්ල දැවී ගිය අතර, ඉන් පසු මහේල ජයවර්ධන සහ ඇන්ජලෝ මැතිව්ස් පස්වන කඩුල්ල සඳහා ලකුණු 126 ක් රැස් කළා. මහේල තම 19 වන එක්දින ශතකය මෙහිදී වාර්තා කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 44 ක් ලබාගත්තා. ඉන් පසුව තිසර පෙරේරා පන්දු 26 කදී නොදැවී ලකුණු 47 ක් ලබාගනිමින් ශ්රී ලංකා පිල ජයග්රහණය කරා රැගෙන ගියා. ශ්රී ලංකා කණ්ඩායමේ ජය වාර්තාවූයේ 49 වන පන්දු වාරයේ දෙවන පන්දුවේදියි.