ඉන්දියාව ලකුණු 130කින් ජය ගනී

Sunday, 22 February 2015 - 19:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+130%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ලෝක කුසලාන තරගාවලියට අදාළව දකුණු අප්‍රිකාව සහ ඉන්දියාව අතර අද (22) පැවැති තරඟයෙන් ලකුණු 130ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 7ක් දැවී ලකුණු 307ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දු වාර 40යි පන්දු 2කදී සියලූ දෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 177ක් පමණයි.   

මේ අතර, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ප්‍රථම ජයග්‍රණය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා. ඒ, ඇෆ්ගනිස්ථානයට එරෙහිව නවසීලන්තයේ ඩුනෙඞීන් හි පැවති ඒ කාණ්ඩයේ තරඟයකින්. ඇෆ්ගනිස්ථාන පිල පන්දු වාර 49 යි පන්දු 4 කදී සියලූ ක්‍රීඩකයන් දැවී ලබාගත්තේ ලකුණු 232 ක් පමණයි. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 48යි පන්දු දෙකකදී කඩුලූ 6ක් දැවී නියමිත ඉලක්කය පසු කර ගියා.