එංගලන්තයට ලකුණු 119ක ජයක්

Monday, 23 February 2015 - 11:01

%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+119%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ  ස්කොට්ලන්තය සමග පැවැති තරගයෙන් ලකුණු 119ක ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත නායකයා මුලින්ම පන්දුවට පහරදීම සදහා එංගලන්ත කණ්ඩායමට ආරාධනය කරනු ලැබුවා. එම ආරාධනය පිළිගනිමින් පිටියට පැමිණි එංගලන්ත පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 8ක් පමණක් දැවී ලකුණු 303ක් රැස්කර ගැනීමට සමත්වුණා. පන්දුවට පහරදීමේදි මොයීන් අලී ලකුණු 128ක් ලබාගැනීම කැපී පෙනෙන් සිදුවීමක් වුණා. අනතුරුව පන්දුවට පහරදීම සදහා පිටියට පැමිණි ස්කොට්ලන්ත පිළ පන්දුවාර 42යි පන්දු 2ක් සියලුදෙනා ලකුණු 184කට දවාලීමට එංගලන්ත පිතිකරුවන් සමත් වුණා. ඒ අනුව එංගලන්තය ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම ප්‍රසාද ලකුණු 2ක් ලබාගනු ලැබුවා.