ක්‍රිස් ගේල් වාර්තා පොත් අලුත් කරයි

Tuesday, 24 February 2015 - 12:21

%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග මේ වන විට පැවැත්වෙමින් තිබෙන තරගයේදි බටහිර ඉන්දීය කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විසින් වාර්තා රැසක් තැබීමට සමත්ව තිබෙනවා. එම වාර්තා පහතින්.....

* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව.
* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය.
* ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව.

ඒ අනුව කාසියේ වාසිය දිනාගෙන මේ වන විට පන්දුවට පහරදෙන බටහිර ඉන්දීය කොදව් කණ්ඩායම පන්දුවාර 46ක් අවසානයේ එක් කඩුල්ලක් දැවී රැස්කරගෙන සිටින  ලකුණු සංඛයාව 316ක්. නොදැවී පන්දුවට පහරදෙන ක්‍රිස් ගේල් ලකුණු 205ක් ලබාගෙන සිටින අතර ඔහුගේ එම ලකුණු සංඛ්‍යාවට හයේ පහර 16ක් සහ හතරේ පහර 10ක් ඇතුළත්. මාර්ලන් සැමුවෙල්ස් ලකුණු 94ක් ලබාගෙන සිටිනවා.