කොදවේවන් වාර්තා පිට වාර්තා තබයි

Tuesday, 24 February 2015 - 12:51

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%80%E0%B7%9A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%AD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
2015 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව මීට සුළු වේලාවකට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් වාර්තා කරනු ලැබුවා. ඔවුන් වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 372ක්. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. එමෙන්ම එක්දින ක්‍රිකට් තරගයකදි කඩුල්ලක් වෙනුවෙන් පිතිකරුවන් දෙදෙනෙකු ගොඩනැගූ වැඩිම ලකුණු සබදතාවය වාර්තා කිරීමට සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් සහ මාර්ලන් සැමුවේල් සමත් වුණා. ඔවුන් දෙදෙනාගේ  සබදතාවය ලකුණු 372ක්. එමෙන් එක්දින ක්‍රිකට් තරගයකදි දෙවැනි කඩුල්ල වෙනුවෙන් වැඩිම ලකුණු සබදතාවය ඒ ආකාරයෙන් ඔවුන් විසින් වෙනස් කර තිබෙනවා. ඒ අනුව නවතම වාර්තා වන්නේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් තැබූ සබදතාවය ලකුණු 372ක්. කාසියේ තමන්  සතු කර ගනිමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 372ක් ලබාගැනීමට සමත්වුණා. එහිදී ක්‍රිස් ගේල් ලකුණු 215ක් සහ මාර්ලන් සැමුවේල් නොදැවී ලකුණු 133ක් ලබාගැනීමට සමත්වුණා. ඒ අනුව ක්‍රිස් ගේල්ගේ ලකුණු 215ට වාර්තා තුනක් ද ඇතුළත් වනවා. එම වාර්තා පහතින්.....

* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව.
* ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙකු ලබාගත් ප්‍රථම ද්විත්ව ශතකය.
* ලෝක කුසලාන තරගාවලියක පිතිකරුවෙකු වාර්තා කළ වැඩිම හයේ පහර සංඛ්‍යාව.