ජීවන් මෙන්ඩිස් වෙනුවට උපුල් තරංග

Tuesday, 24 February 2015 - 14:34

%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%8B%E0%B6%B4%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C
ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරන ජීවන් මෙන්ඩිස් හදිසි ආබාධයකට ලක්ව තිබෙනවා. පෙර පුහුණුවීම් වල නිරත වෙමින් සිටියදි ජීවන් මෙන්ඩිස් මෙලෙස ආබාධයට ලක්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම යෝජනාවකට අනුව උපුල් තරංග කැදවා ඇති අතර එයට ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය ලැබී තිබෙනවා. මේ අනුව උපුල් තරංග ඉදිරියේදී මෙල්බර්න් නුවර බලා පිටත්ව යනු ඇති. එය එසේ වූවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෛද්‍යවරුන් මෙන්ඩිස් පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත අතර ඔවුන්ගේ වෛද්‍යවාර්තාවෙන් පසුවයි සංචිතයෙන් පිට සිටින ක්‍රීඩකයෙකු යළි කණ්ඩායමට කැදවිය හැක්කේ.