ගේල්ගේ පිහිටෙන් කොදෙව්වෝ ජය ගනියි

Tuesday, 24 February 2015 - 17:32

%E0%B6%9C%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%9D+%E0%B6%A2%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන එක්දින තරඟාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අද පැවති තරඟය ඩක්වත්ලූවිස් ක්‍රමයට ජයගත්තේ කොදෙව් කණ්ඩායමයි. මෙම තරඟයේදී කොදෙව් කණ්ඩායමේ සුපිරි පිතිකරු ක්‍රිස්ගේල් ලකුණු 215 ක් රැස් කළ අතර එය ලෝක කුසලාන තරඟාවලියක ක්‍රීඩකයෙකු වාර්තාකළ වැඩිම ලකුණු සංඛ්‍යාව මෙන්ම පළමු ද්විත්ව ශතකයයි. මේ අතර පුහුණුවීම් අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ජීවන් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා අවශ්‍ය වුවහොත් උපුල් තරංග ලෝක කුසලාන තරඟාවලියේ ඉදිරි තරඟ සඳහා කැඳවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ප්‍රකාශ කළා.