මෙන්ඩිස් වෙනුවට තරංග යෑම ස්ථිරයි

Wednesday, 25 February 2015 - 18:37

%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%91%E0%B6%B8+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%92%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පුහුණුවීම් අතරතුර ජීවන් මෙන්ඩිස් ආබාධයකට ලක්වීම නිසා ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට උපුල් තරංග ඇතුළත් කිරීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අනුමැතිය ලබාදී තිබෙනවා. ඒ අනුව, ඉදිරි තරග සඳහා සහභාගි වීමට උපුල් තරංග දිවයිනෙන් පිටත්ව යනු ඇති.

මේ අතර, ලෝක කුසලාන තරගාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම අතර තරඟයක් බ්‍රිස්බේන් හිදී දැන් පැවැත්වෙනවා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදෙන එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම නියමිත පන්දුවාර 50, අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියා.