ඩිවිලියර්ස්ගෙන් ලෝක වාර්තාවක් - දකුණු අප්‍රිකාව 408යි

Friday, 27 February 2015 - 13:04

%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+408%E0%B6%BA%E0%B7%92
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාවට හිමිකම් කීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා. ඔවුන් රැස්කළ ලකුණු සංඛ්‍යාව 408ක්. ඒ බටහිර ඉන්දීය කොදව්වන්ට එරෙහිවයි. මෙය ඕස්ට්‍රේලියාවේදි කණ්ඩායමක් එක්දින තරගයකදි රැස්කර ගත් ඉහළම ලකුණු සංඛ්‍යාවයි. එමෙන්ම ලෝක කුසලාන තරගයකදි කණ්ඩායමක් වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව මෙය වනු ඇති. අද ප්‍රවේකාරී පිතිහරඹයක නිරත වූ නායක ඒ බී ඩිවිලියර්ස් නොදැවී ලකුණු 162ක් රැස්කර ගැනීමට සමත්වුණා. ඒ පන්දුව 66ක් තුළදීයි. ඒ අනුව ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම ලකුණු 150යේ වාර්තාවට ඒ බී ඩිවිලියර්ස් හිමිකම් කියනු ඇති. මීට පෙර ද  ඒ බී ඩිවිලියර්ස් වේගවත්ම අර්ධ ශතකයට සහ වේගවත්ම ශතකයට හිමිකම් කියනවා. අද දිනයේ ඩිවිලියර්ස් ලබාගත් ලකුණු 162ට හයේ පහර 8ක් සහ හතරේ පහර 17ක් ද ඇතුළත්.  ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුළු 5ක් දැවී ලකුණු 408ක් ලබාගැනීමට සමත් වුණා. මේ අනුව බටහිර ඉන්දීය කොදෙව්වන් එම ඉලක්කය අභිබවා යාමට නම් ලකුණු 409ක් ලබාගත යුතු වනවා.



විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More