නවසීලන්තයට තියුණු ජයක්

Saturday, 28 February 2015 - 12:18

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන  ක්‍රිකට් තරගාවලියේ මීට සුළු මොහොතකට පෙර ඉතා තියුණු තරගයකින් පසු ජය වාර්තා කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායම එක් කඩුල්ලකින් පරාජය කිරීමත් සමගයි. ලකුණු 152ක ඉලක්කයක් අභිබවා යාමට පිටියට පැමිණි නවසීලන්ත කණ්ඩායමේ පිතිකරුවන්ගේ කඩුළු එක එක බැගින් දවාගනිමින් අවසානයේ කඩුළු 9ක් දක්වා දවා ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් සමත් වුණා. ඒ වන විට නවසීලන්තයට හිමිව තිබුනේ එක් කඩුල්ලක් සහ පන්දු 162ක් පමණයි. තීරණාත්මක අවස්ථාවක සිටින මොහොතේ නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් එල්ල කළ හයේ පහරකින් ඔවුන් තරගයේ ජය වාර්තා කිරීමට සමත්වුණා. ඒ අනුව නවසීලන්තය තමන්ට ලැබුනු අභියෝගය පන්දුවාර 23යි එක් පන්දුවකදී කඩුළු 9ක් දැවී සිටියදී 152 වැනි ලකුණ රැස්කර ගනු ලැබුවා. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම මේ වන විට ඒ කාණ්ඩයේ ඉහළම ස්ථානයේ ප්‍රසාද ලකුණු 8ක් ලබාගෙන අපරාජිතයන් ලෙස සිටිනවා.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More