කෙවින් පීටර්සන් යළි එංගලන්ත කණ්ඩායමට

Monday, 02 March 2015 - 13:30

%E0%B6%9A%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%A7
ශ්‍රී ලංකාව වෙතින් ලෝක කුසලාන තරඟාවලියේදී අන්ත පරාජයකට පත්වූ එංගලන්ත ක්‍රිකට් පිල තම කණ්ඩායමේ හිටපු ප්‍රහාරාත්මක ක්‍රීඩකයෙකු වූ කෙවින් පීටර්සන් යළි කණ්ඩායමට කැඳවීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයේ නව සභාපති කොලින් ගේ‍්‍රව්ස් ප්‍රකාශ කර ඇත්තේ පීටර්සන්ට කණ්ඩායමේ දොරටු විවෘත කිරීම සඳහා පාලක මණ්ඩලය සමග සාකච්ඡා කිරීමට අදහස් කරන බවයි. ඒ සඳහා පීටර්සන් මුලින් ප්‍රාන්ත තරඟවලට සහභාගි විය යුතු බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. පීටර්සන් ප්‍රකාශ කර ඇත්තේ එංගලන්ත කණ්ඩායමට යළි එක්වීමට තමාගේ දැඩි අභිලාෂයක් පවතින ඇති අතර ඒ සඳහා මුලින් පාලක මණ්ඩලය සමග සාකච්ඡා කළ යුතු බවයි. කෙවින් පීටර්සන්ට කණ්ඩායමෙන් ඉවත්වීමට සිදුවූයේ පසුගිය අලූ බඳුන ටෙස්ට් තරඟාවලියේදී එංගලන්ත පිල දරුණු පරාජයකට ලක්වීමත් සමගයි. පාලක මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විවේචනය කිරීම නිසාද ඔහුට එංගලන්ත පිලට යළි පැමිණීම දුෂ්කර වුණා.