ඉන්දියාවේ වාර්තා බිඳ දමමින් කැන්ගරුවන් ලෝක කුසලාන ඉතිහාසය වෙනස් කරයි

Wednesday, 04 March 2015 - 16:44

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%92%E0%B6%B3+%E0%B6%AF%E0%B6%B8%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%89%E0%B6%AD%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන එක්දින තරඟාවලියකදී කණ්ඩායමක් ඉනිමකදී රැස්කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට  ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද සමත්වුණා. ඒ, ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 6 ක් දැවී ලකුණු 417ක් රැස් කරගනිමින්.  ඕස්ට්‍රේලියානු කණ්ඩායම අද බිඳ හෙලූවේ 2007 වසරේදී ඉන්දියාව, බර්මියුඩා කණ්ඩායමට එරෙහිව ලකුණු 413 ක් ලබමින් තබා තිබූ වාර්තාවයි.

මේ අතර ලෝක කුසලාන එක්දින තරඟාවලියේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම සමග පැවති අනෙක් තරඟය ජයගැනීමට පකිස්ථානු කණ්ඩායම අද සමත්වුණා. ඒ, ලකුණු 129 කින් එම තරඟය ජයගනිමින්.