වැස්ස අප්‍රිකාව හඬවයි

Saturday, 07 March 2015 - 14:44

%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B7%83+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%AC%E0%B7%80%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලාන තරඟාවලිය යටතේ අද (07) දිනයේ තරඟ දෙකක් පැවැත්වුණා. ඉන් පළමු තරඟය වූ පාකිස්තානය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර  ඕක්ලන්ඞ් හි පැවති තරඟය ඩක්වර්ත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 29 කින් පාකිස්තානය ජය ගත්තා. වර්ෂාව හේතුවෙන් තරඟයට බාධා එල්ලවීමත් සමඟ එක් පිලකට පන්දුවාර 47 කට තරඟය සීමා කිරීමටයි තීරණය වුණේ. පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 46 යි පන්දු 04 කදී සියලූ දෙනා දැවී ලකුණු 222 ක් ලබා ගත්තා. ඒ අනුව දකුණු අප්‍රිකානු කණ්ඩායමට ලකුණු 232 ක ඉලක්කයක් හිමි වුණා. නමුත් ඔවුන්ට පන්දුවාර 33 යි පන්දු 03 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.

දෙවන තරඟය වූ හෝබාට් හි පැවති අයර්ලන්තය සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර තරඟයෙන් ලකුණු 5 ක තියුණු ජයක් හිමිකර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 08 කට ලකුණු 331 ක් රැස්කළා. සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 49 යි පන්දු 03 කදී සියලූ දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 326 ක් පමණයි.