ශාන්තුවරයින්ගේ සටන

Saturday, 07 March 2015 - 20:11

%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1
බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලය සහ මරදාන ශාන්ත ජෝසප් විද්‍යාලය අතර 81 වන වරට පැවැති ශාන්තුවරයින්ගේ සටන අද ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
මේ තරගය දින දෙකක් පුරා පැවැත්වුණේ කොළඹ පී. සරා ඕවල් ක්‍රිකට් ක්‍රිඩාංගනයේදී.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ජෝසප් ක්‍රිඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 167 ක් රැස් කළා.
කනීෂ වීරකෝන් කඩුලු 04 ක් සහ මනිල්ක ද සිල්වා කඩුලු 03 ක් බිද හෙලුවා.
පිළිතුරු ලෙස ශාන්ත පීතර ක්‍රිඩකයින් සිය පළමු ඉනිමට සියල්ලන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 268 ක්.
විශිෂ්ඨ ඉනිමක් ක්‍රිඩා කළ සචින් දල්පදාදු ලකුණු 114 ක් ලබා ගත්තා.
තනීෂ වීරකෝන් ලකුණු 57 යි.
පන්දු යැවීමේදී අරවින්ද අකුරුගොඩ සහ රුචිර ඒකනායක කඩුලු 4 බැගින් බිද හෙලුවා.
දෙවන ඉනිම ක්‍රිඩා කළ ශාන්ත ජෝසප් ක්‍රිඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 293 ක් ලබාගෙන ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
සටන්කාමී ඉනිමක් ක්‍රිඩා කළ සදරුවන් රොද්‍රිගු ලකුණු 118 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී තනීෂ වීරකෝන් කඩුලු 04 ක් බිද හෙලුවා.
ජයග්‍රහණය සදහා ශාන්ත පීතර විද්‍යාලයට ලකුණු 193 ක ඉලක්කයක් හිමි වුණා.
තරගය ජය පරාජයෙන් තොරව නිමා වනවිට ඔවුන් කඩුලු 07 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටියා.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ නාලන්ද විද්‍යාලය අතර 86 වන සුලෝහිත සංග්‍රාමය අද ආරම්භ වුණා.
මේ තරගය දින දෙකක් පුරා පැවැත්වෙන්නේ කොළඹ එස්.එස්.සී. ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි.
තරගයේ කාසියේ වාසිය දිනූ නාලන්ද විද්‍යාලය පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ආනන්දයට ලබාදුන්නා.
ආනන්ද ක්‍රිඩකයින් සිය පළමු ඉනිමට කඩුලු 09 ක් දැවී ලකුණු 245 ක් ලබාගෙන සිය ඉනිම අත්හිටුවීමට තීරණය කළා.
නිසල් ෆ්‍රැන්සිස්කු ලකුණු 53 යි.
නායකත්වයේ ඉනිමක් ක්‍රිඩා කළ ෂම්මු අෂාන් ලකුණු 114 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ඒ.එස්.ද සිල්වා කඩුලු 5 ක් බිද හෙලුවා.
අද දිනයට තරගය නතර කරන විට පිළිතුරු ඉනිම ක්‍රිඩා කරන නාලන්ද ක්‍රිඩකයින් සිය පළමු ඉනිමට කඩුලු 03 ක් දැවී ලකුණු 112 ක් ලබා සිටියා.
රවීන් දසනායක ලකුණු 53  යි. පන්දු යැවීමේදී කවිෂ්ක අංජුල කඩුලු 2 ක් බිද හෙළුවා.
ඒ අනුව නාලන්ද ක්‍රීඩකයින් ආනන්ද පළමු ඉනිමට වඩා තවත් ලකුණු 133 ක් පසුපසින් සිටිනවා.