කාසියේ වාසිය කැන්ගරුවන්ට

Sunday, 08 March 2015 - 8:41

%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7
2015 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර සිඩ්නි ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.ඒ අනුව ඔහුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටය අභියස සිටින ශ්‍රිී ලංකාව   සත්කාරක  ඕස්ට්‍රේලියාව සමග සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද තරඟ වදිනවා. ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ මෙවර තරඟාවලියේ වඩාත්ම සටන්කාමී කණ්ඩායම් දෙක ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව බවයි. රංගන හේරත් තුවාල ලැබූ නිසා අද තරඟයේදී සීක්කුගේ ප්‍රසන්න හෝ සචිත්‍ර සේනානායක දඟ පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට  එක්වනු ඇති. දිමුත් කරුණාරත්න තුවාල ලැබීම හේතුවෙන් උපුල් තරංගද අද තරඟයේ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්.

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරඟයකදී  ඕස්ට්‍රේලියාව පරාජය කර නැහැ. එහෙත් සිඞ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මුහුණදුන් පසුගිය එක්දින තරඟ 8 න් 6 ක්ම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත්වුණා. එමෙන්ම පසුගිය සත් වසර තුළ  ඕස්ට්‍රේලියාවේදී  ඕස්ට්‍රේලියාවට එරෙහිව පරාජය වූ තරඟ සංඛ්‍යාවට වඩා ජයග්‍රහණ සංඛ්‍යාවක් වාර්තා කළ එකම කණ්ඩායම ශ්‍රී ලංකාවයි.


විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More

ගරා වැටුණු මහවැලි ක්‍රීඩා පිටිය (වීඩියෝ)
Monday, 03 August 2020 - 14:24

වැව් බැඳී රාජධානියේ පිහිටි බකමුණ මහවැලි ක්‍රීඩා පිටිය 1987... Read More

අයර්ලන්ත වේග පන්දු යවන්නෙකුට දඬුවම්
Monday, 03 August 2020 - 13:39

අයර්ලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජෝෂ් ලිට්ල් ට දඬුවම්... Read More