කුමාර් සංගක්කාරගෙන් ලෝක කුසලාන වාර්තාවක්

Sunday, 08 March 2015 - 14:53

%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන තරඟාවලියේ  ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සමඟ අද (08) පැවැති තරඟයෙන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලකුණු 64කින් ජයග්‍රහණය කළා. ප්‍රථමයෙන් පන්දුවට පහර දුන්  ඕස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 9ක් දැවී ලකුණු 376ක් රැස් කළා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දු වාර 46යි පන්දු 2කදී කඩුලූ 9ක් දැවී ලකුණු 312ක් පමණයි. දිනේෂ් චන්දිමාල්ට තරගය අතරතුර සිදුවූ ආබාධයක් හේතුවෙන් ක්‍රීඩා කිරීම සඳහා නැවත පිටියට පැමිණියේ නැහැ.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් කුමාර් සංගක්කාර පන්දු 107කදී ලකුණු 104ක් රැස් කළා. තිලකරත්න ඩිල්ශාන් ලකුණු 62යි.

මේ අතර, කුමාර් සංගක්කාර ලෝක කුසලාන තරගාවලියකදී පිට පිට තරඟ තුනකදී ශතක තුනක් ලබා ගත් ලොව පළමු ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ද අද වාර්තා පොත් අතරට එක්වුණා.

එසේම ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ ලකුණු 14,000සේ සීමාව පසු කිරීමට ද අද සමත් වුණා. එක්දින ක්‍රිකට් පිටියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් එම දක්ෂතාවය දැක්වූ පළමු පිතිකරු මෙන්ම ලෝකයේ එවැනි දක්ෂතාවය දැක්වූ දෙවැනි පිතිකරු ද කුමාර් සංගක්කාර වනවා.


කාසියේ වාසිය අයර්ලන්තයට
Tuesday, 04 August 2020 - 20:56

එංගලන්තය සහ අයර්ලන්තය අතර තුන්වන එක්දින තරඟය මේ වන විට සවුත්ඇම්ටන්... Read More

කොදෙව් පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය කල් යයි
Tuesday, 04 August 2020 - 13:10

ලබන ඔක්තෝම්බරයේ යෙදී ඇති කොදෙව් පිලේ  ඕස්ට්‍රේලියානු ක්‍රිකට්... Read More

විස්සයි විස්ස ක්‍රීඩකයන්ට ගෙවීම් සිදුකිරීමේ ප්‍රමාදයක්
Monday, 03 August 2020 - 19:58

ලොව පුරා විස්සයි විස්ස ලීග් තරගාවලිවලදී ඊට සහභාගි වූ ක්‍රීඩකයන්ගෙන්... Read More