අගෝස්තුවේදී ටෙස්ට් ක්‍රීඩාවෙන් සමුගන්නවා - සංගක්කාර කියයි

Monday, 09 March 2015 - 7:41

%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%A7%E0%B7%99%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ලබන අගෝස්තු මාසයෙන් පසු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව කුමාර් සංගක්කාර ඊයේ ප්‍රකාශ කළා. ඒ  ඕස්ට්‍රේලියාව සමග සිඞ්නි නුවර ඊයේ පැවති තරඟයෙන් අනතුරුව මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්. ලබන ජූනි මාසයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟ තුනකින් සමන්විත ටෙස්ට් තරඟාවලියක් පැවැත්වීමට නියමිතයි. කුමාර් සංගක්කාර පවසන්නේ මෙය තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් තරඟාවලිය බවයි. මෙම ලෝක කුසලාන තරඟාවලියෙන් පසු කුමාර් සංගක්කාර ජාත්‍යන්තර එක්දින පිටියෙන් ද සමුගැනීමට නියමිතව තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව අතර ඊයේ සිඞ්නි නුවර පැවති තරඟය පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් රැසක් අදහස් දක්වා තිබෙනවා.  ඕස්ට්‍රේලියානු කන්ඩායමේ හිටපු දඟ පන්දු යවන ක්‍රිඩකයෙකු වන ෂේන් වොන් පවසන්නේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දුර්වලතාව හේතුවෙන්  ඕස්ට්‍රේලියානු පිලට ජයග්‍රහණය පහසු වූ බවයි. එමෙන්ම ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහරදීමේදී ප්‍රබල ප්‍රහාරවලට නොයෑම හේතුවෙන් ශ්‍රී ලංකා පිලේ ලකුණු පුවරුව වේගවත්ව ක්‍රියාත්මක නොවුනු බව  ඉන්දීය හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයෙකු වන කපිල් දේව් පවසනවා.