බංගලි සුද්දන්ට ක්‍රිකට් උගන්නයි

Monday, 09 March 2015 - 17:32

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92
ලෝක කුසලානයේ පෙරළිකාර කණ්ඩායමක් ලෙසින් බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ බංග්ලාදේශ් පිල අද තවත් පෙරළියක් කරමින් ජයග්‍රහණය කිරීමට සමත්වුනේ ප්‍රබල එංගලන්ත පිළ පරාජය කරමිනුයි.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ් පිල පන්දු ඕවර 50 අවසානයේ ලකුණු 275ක් ලබාගැනීමට සමත්වුනේ කඩුලු 7ක් දැවී තිබියදීයි. මෙහිදී අගනා ශතකයක් ලබා ගැනීමට Mahmudullah සමත්වුනා. ඔහු ලබාගත් ලකුණු සංඛ්‍යාව 103ක්. ඔහු සමඟ එක්වූ Mushfiqur Rahim ද ලකුණු 89ක් රැස කලා.

ජයග්‍රහණය සඳහා ලකුණු 276ක් ලබාගැනීමට පිටියට පිවිසි එංගලන්ත පිළේ පිතිකරුවන්ට ස්ථාවර ඉණිමක් ක්‍රීඩා කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන් එංගලන්ත පිළ ලකුණු 260කට සීමා කරමින් ලකුණු 15ක ජයග්‍රහණයක් හිමිකරගත්තේ ලෝක කුසලානයේ පෙරළිකාර පිළ ලෙසින් නැවතත් දක්ෂතා අතරට පැමිණෙමිනුයි.



මෙම වීඩියෝව දර්ශණය නොවේනම් මෙතනින් නරඹන්න

http://www.icc-cricket.com/cricket-world-cup/videos/media/id/4510/bangladesh-innings-highlights