සංගාගෙන් සහ දිල්ශාන්ගෙන් ශතකයක්

Wednesday, 11 March 2015 - 11:25

%E0%B7%83%E0%B6%82%E0%B6%9C%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%81%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ස්කොට්ලන්තය අතර මේ වන විට පැවැත්වෙන තරගයේදි කුමාර් සංගක්කාර සහ තිලකරත්න දිල්ශාන ශතකය බැගින් වාර්තා කිරීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා. සංගා අද මෙලෙස වාර්තා කළේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 25වන ශතකය වන අතර, ඔහු මෙවර ලෝක කුසලානයේ වාර්තා කළ සිව්වැනි ශතකය ද වනවා. සංගක්කාර පිට පිට රැස් කල ශතක 4ද ලෝක වාර්තා අතරට එක්වන්නේ ලෝක කුසලානයේ එම දස්කම දැක්වූ එකම ක්‍රීඩකයා වෙමිනුයි. එමෙන්ම ඩිල්ශාන් මෙලෙස වාර්තා කළේ ඔහුගේ එක්දින ක්‍රිකට් දිවියේ 22වන ශතකයයි. මෙම තරගයේ කාසියේ වාසිය දිනාගැනීමෙන් අනතුරුව මේ වන විට පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී පන්දුවාර 34ක් තුළ ලකුණු 211 රැස්කරගෙන සිටිනවා.