ඉන්දියාවට කඩුළු 6ක ජයක්

Saturday, 14 March 2015 - 14:39

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9A%E0%B6%A9%E0%B7%94%E0%B7%85%E0%B7%94+6%E0%B6%9A+%E0%B6%A2%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ අතර පැවැති තරගයේදි කඩුළු 6කින් ජය ලැබීමට ඉන්දියාව මීට ටික වේලාවකට පෙර සමත් වුණා. තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 48.5ක් තුළදී සියලුදෙනා දැවී ලකුණු 287ක් රැස්කර ගනු ලැබුවා. අනතුරුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48.4කදි කඩුළු 4ක් දැවී ලකුණු 288ක් ලබාගනිමින් ජය වාර්තා කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම ඒ ඛාණ්ඩයේ ප්‍රථම ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 12ක් සමගින්.