Live: දකුණු අප්‍රිකාවට ජය SA 134/1 (18) ලංකාව සියල්ලන් දැවී 133

Wednesday, 18 March 2015 - 7:29

Live%3A+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%BA+SA+134%2F1+%2818%29+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%93+133
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භවනවා. ඒ, දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරගයෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයට එක්වන්නේ නොකඩවා සිව්වන වරටත් ලෝක කුසලාන එක්දින තරගාවලියක අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ අරමුණ ඇතිවයි.
අද තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරඟයේ ලකුණු පුවරුව පන්දුවාර පහෙන් පහට දැනගැනීම සඳහා රැඳී සිටින්න හිරු ස්පෝර්ට් කෝනර් සමඟ.........  


Live :
   SA 134/1 (18) - SL 133/10 (37.1) 

14.26 පන්දු 192 ක් ඉතිරිව තිබිය දී දකුණු අප්‍රිකාව කඩුළු 9 කින් ජය ලැබුවා.

14.26  දකුණු අප්‍රිකාවට ජය

14.20
දකුණු අප්‍රිකාවට අවශ්‍ය තවත් ලකුණු 10 ක් පමණයි

14.15
ඩී කොක් නොදැවී ලකුණු 61යි


12.53
දකුණු අප්‍රිකාවේ පළමු කඩුල්ල ලෙස හසීම් අම්ලා දැවී යනවා.ලසිත් මාලිංගගේ පන්දුවකට මෙලෙස දැවී ගිය අතර රාත්‍රී ආහාරය සඳහා තරඟය නතර කළේය.

12.29
පිටියට පිවිසි දකුණු අප්‍රිකාව පන්දුවට පහර දෙමින් සිටියි.

12.14
ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු සියල්ලම දැවී ගිය අතර ලකුණු 133ක් ලබා ගත්තේය.ඒ අනුව ලකුණු 134ක් හඹා යාම සඳහා දකුණු අප්‍රිකාව පැමිණීමට නියමිතයි.ඒ අනුව අද තරඟය පන්දු යවන්නන්ගේ දක්ෂතාව මත තීරණය වෙනු ඇත.

12.00
සිඩ්නි පිටියට ඇඳ හැලුණු වර්ෂාව පහව ගොස් තිබේ.ඒ අනුව තරඟය නැවතත් ආරම්භ වීමට නියමිතයි

11.48
සිඩිනි පිටියට අධික වර්ෂාවක්.ඒ අනුව තාවකාලිකව තරඟය නවතා තිබේ.

11.45
කුමාර් සංගක්කාර මොර්කල්ගේ පන්දුවකට දැවී යයි.ලකණු 45 ලබා සිටියදී මෙලෙස සංගක්කාර දැවී යයි

11.32
තරිඳු කෞෂාල් දැවී යයි ඩුමිනිගේ පන්දුවකට

11.29
ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුල්ලක් ඩුමිනි සතු කර ගැනීමට සමත් විය.ඒ නුවන් කුලසේකර 1ක් ලකුණකට දවා ගැනීමෙන්.

11.25
ඉම්රාන් තාහිර්ගේ පන්දුවකට නැවතත් තිසර පෙරේරා කිසිදු ලකුණක් නොලබා සිටියදී දැවී යයි.ඒ අනුව ඉම්රාන් තාහිර් කඩුලු 3ක් ලබා ගැනීමට සමත් විය.

11.20
ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 19ක් ලබා සිටියදී දුමිනිගේ පන්දුවකට දැවී යයි

10.59
ශ්‍රී ලංකාව ලකුණු 100ක් ලබා ගැනීමට සමත් විය.කඩුල්ලේ රැඳී සිටින්නේ සංගක්කාර සහ නායක මැතිව්ස්

10.40
නැවතත් ඉම්රාන් තාහිර්ගේ පන්දුවකට මහේල ජයවර්ධන දැවී යයි.ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු දෙකක් ලබා ගැනීමට තාහිර්ට හැකි විය.

10.26 ඉම්රාන් තාහිර්ගේ පන්දුවකට ළහිරු තිරිමාන්න දැවී යනවා. තිරිමාන්න පන්දු 47දී ලකුණු 42ක් ලබා ගත්තේය.

10.00 ලෝක කුසලානයකදී ලකුණු 500 සිමාව පසු කළ දෙවන ක්‍රීඩකයා බවට කුමාර් සංගක්කාර පත් විය.

9.20 ඩෙල් ස්ටේයින්ගේ පන්දුවකට ඩිල්ෂාන් කිසිදු ලකුණක් නොලබා දැවී යයි..



9.10 ඇබ්බොට්ගේ පන්දුවකට කුසල් ලකුණු 3ට දැවී යයි.



9.06 කුසල් ජනිත් පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් ආරම්භ පිතිකරුවන් ලෙස පිටියට පිවිසෙයි..පළමු පන්දු ඕවරය අවසානයේ ලකුණු 3යි.

8.38 අද තරඟයේ කණ්ඩායම් දෙකේ ක්‍රීඩකයින් මෙලෙසය.

\"\"

\"\"

8.32 කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ඇන්ජෙලෝ මැතිව්ස් සමත් වූ අතර පළමුවෙන් පන්දුවට පහර දීමට ඔහු තීරණය කළා..

\"\"

8.25 දිමුත් කරුණාරත්න විසින් සිය ට්විටර් ගිණුමේ සංගක්කාරට සහ මහේලට සුභ පැතුම් එක්කර ඇති ආකාරයයි මේ..
\"\"

8.18 ලෝක කුසලාන තරගාවලියට අදාළව අර්ධ අවසන් පූර්ව වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සිඞ්නි නුවර දී අද (18) ආරම්භ වනවා. ආබාධයකට ලක්ව සිටින රංගන හේරත් වෙනුවට තරිඳු කෞශාල් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් කිරීම සඳහා අයි.සී.සී. අනුමැතිය හිමිව තිබෙනවා.
ක්‍රිකට් විස්තර විචාරකයින් සදහන් කළේ අද තරගයේදී තවත් සටනක් ක්‍රියාත්මක වන බවයි. ඒ, අයි. සී. සී එක්දින පිතිකරු දර්ශකයේ ප්‍රමුඛස්ථානය සඳහා කුමාර් සංගක්කාර සහ දකුණු අප්‍රිකානු ක්‍රීඩක ඒ. බී ඩිවිලියස් අතර පවතින තරඟයයි. ඩිවිලියස් දැනට වර්ගීකරණ ලකුණු සංඛ්‍යාව 899ක් ලබා සිටින අතර, සංගක්කාර ලකුණු 861ක් ලබා ගනිමින් දෙවන ස්ථානයේ පසුවනවා. ලෝක කුසලාන තරගාවලියේ මෙතෙක් පැවති තරඟවලදී ඩිවිලියස් ලකුණු 417ක් ලබා සිටින අතර සංගක්කාර වාර්තාගත ශතක 4ක් සමඟ ලකුණු 496ක් ලබා සිටිනවා.

7.59
අද තරඟයට රංගන හේරත්ගේ අබාධය තවමත් සුව අතට පත් වී නොමැති නිසා තරිදු කෞෂාල් ශ්‍රී ලංකා සංචිතයට එක්කර තිබේ.

7.45


දකුණු අප්‍රිකානු කණ්ඩායම

ඒබී ඩිවිලියර්ස්, හෂීම් අම්ලා, කේ.ජේ. ඇබෝර්ට්, ෆර්හාන්, ඇලේක්ස් ඩී කුක්, ජේ.පී. ඩුමිනි, ඩුප්ලසිස්, ඉම්රාන් තාහීර්, ඩී.ඒ. මිලර්, මේ. මෝර්කල්, ඩබ්ලිව්.ඩී. පානේ, ආරෝන්, වී.ඩී. විලේන්ඩර්, රෙලී රොසෝ, ඩේල් ස්ටේන්


ශ්‍රී ලංකා කණ්ඩායම

ඇන්ජලෝ මැතිව්ස්, ලහිරු තිරිමාන්න, දුෂ්‍යන්ත් චමීර, ටී.එම්. දිල්ශාන්, මහේල ජයවර්ධන, තරිදු කෙ!ෂාල්, නුවන් කුලසේකර, සුරංග ලක්මාල්, ලසිත් මාලිංග, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, කුමාර සංගක්කාර, සචිත්‍ර සේනානායක, උපුල් තරංග