ශ්‍රී ලංකාව පැරදවූ දකුණු අප්‍රිකාව අවසන් පූර්ව තරඟයට

Wednesday, 18 March 2015 - 14:53

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AF%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B7%80+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9F%E0%B6%BA%E0%B6%A7
මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබීමට දකුණු අප්‍රිකාව අද සමත්වුණා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අර්ධ අවසන් පූර්ව තරඟය කඩුලූ 9 කින් ජයගනිමින්.  තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලූම ක්‍රීඩකයින් පන්දු වාර 37 යි පන්දු දෙකක් තුළදී ලකුණු 133 කට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කළේ කුමාර් සංගක්කාරයි. දකුණු අප්‍රිකානු කණ්ඩායම ජයග්‍රාහී ලකුණු 134 ක ඉලක්කය පන්දු වාර 18 ක් තුළදී පසුකලේ කඩුලූ 1 ක් පමණක් දැවී තිබියදියි. දකුණු අප්‍රිකාව වෙනුවෙන් කොන්ටොන් ඩි කොක් නොදැවී ලකුණු 78 ක් රැස් කළා.